චිත්‍රපට සංචාරක ක්ෂේත්‍රය සඳහා Single Window අනුමැති යාන්ත්‍රණයක්

මෙරට චිත්‍රපට සංචාරක ක්ෂේත්‍රය සඳහා Single Window අනුමැති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

Single Window අනුමැති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේ දී ගනු ලැබූ තීරණයක්.

ශ්‍රී ලංකාවේ දී රූගත කෙරෙන විදේශ චිත්‍රපට, වාර්තා වැඩසටහන්, වෙළෙඳ දැන්වීම්, ගීත හා වෙනත් වැඩසටහන් නිෂ්පාදනය සඳහා අනුමැතිය අපේක්ෂා කරන අයදුම්කරුවන්ට රාජ්‍ය ආයතන කිහිපයකින් අවසර ලබාගැනීමට සිදුවන බවත්, එම හේතුවෙන් අනුමැති ලබාගැනීමේ ක්‍රියාවලිය දීර්ඝ හා ප්‍රමාදිත එකක් බවට පත්ව ඇති බවත් අනාවරණය කෙරුණා.

එබැවින්, Single Window අනුමැති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

යෝජිත යාන්ත්‍රණය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණීම, එය ක්‍රියාත්මක කිරීමේදී මතුවියහැකි අභියෝග හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සම්බන්ධයෙන් ද මෙහිදී පුළුල් අවධානය යොමු කෙරුණා.

මෙම Single Window අනුමැති යාන්ත්‍රණය සාර්ථකව ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් චිත්‍රපට හා අනෙකුත් රූගත කිරීම් සඳහා වඩාත් සුදුසුම ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීමත්, චිත්‍රපට කර්මාන්තයේ තරගකාරීත්වය ඉහළ නැංවීමත් අපේක්ෂා කෙරෙනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මිකා කේ විජයසිංහ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ටී. අනෝජා ගමගේ, වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. පී. එස්. සී. පාලමකුඹුර, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ඩබ්ලිව්. එම්. ඒ. එස්. වික්‍රමසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජය නිරෝෂන, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වී. බී. එදිරිසිංහ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර යන මහත්ම මහත්මින් ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සංචාරක හා චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න
01:24
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රිපාලව බලන්න එයි
01:06
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි
00:40
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර ජුලි 8වනදා දක්වා යළි රිමාන්ඩ් කරයි
01:46
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති වැඩ අරඹපු හැටි
00:44
Video thumbnail
සලේගේ උපවාසය අත්හැරීම ගැන නලින්ද කිව්ව සැර කතාව - මං කිව්වනේ සලේ කනවා කියලා
01:50
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න - පහළ භුගත වෙ#ඩි බෙහෙත් ගබඩාවක්
01:47
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06