අදාළ ආයතන සතුව පවතින උපයෝගිතා වාහනවල හිඟය රජයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි බාධාවක් වී ඇති බව හඳුනාගනු ලැබ තිබෙනවා.
ඒ අනුව, පහත සඳහන් උපයෝගිතා වාහන කඩිනමින් මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













