පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක ගින්නක්

පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක අද (24) අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැල් දෙක සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.

ඒ පාසල් උපකරණ වෙළෙඳසැල් දෙකකි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න අනෙක් වෙළෙඳසැල් වෙත පැතිරීම පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථ 11ක් යොදවා තිබුණි.