ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් ජුලි මස 31 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළා.
මෙම නඩුව විභාගකරන කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා අද (26) දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන්, එම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේයි.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 31 වනදා කැඳවන ලෙසයි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥාණසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













