වැඩිහිටි සඟයින්ගෙන් වෙන්ව ඇදුම් මාරු කිරීමට සූර්යවංශිට ක්‍රීඩාගාරයේ වෙනම තැනක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ අයර්ලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරය අනිද්දා (25) බෙල්ෆාස්ට් පිටියේ දී පැවැත්වෙනවා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරග 05කට සහ එක්දින තරග 03කට සහභාගී වීමේ අරමුණින් එංගලන්තයට පිටත්ව යෑමට නියමිතයි.

මේ අතර මෙම තරග සංචාරයන් සඳහා ඉන්දීය විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවනු ලැබූ 15 හැවිරිදි යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශිට ක්‍රීඩකයින් රැඳී සිටින ක්‍රීඩක ප්‍රේක්ෂකාගාරයේ, ඇඳුම් මාරු කිරීම සඳහා ඔහුටම වෙන්වූ වෙනම ස්ථානයක් සකස්කර දීමට සත්කාරක රටවල් වලට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසින් හඳුන්වා දී තිබෙන නීති රාමුව යටතේ වයස අවුරුදු 16 ට අඩු ක්‍රීඩකයින්ට වැඩිහිටි ඇඳුම් මාරු කිරීමේ කාමර භාවිතා කිරීම තහනම් කර ඇති අතර ඒ අනුව 15 හැවිරිදි සූර්යවංශිට වෙනම කාමරයක් හිමිවිය යුතු වනවා.

එමෙන්ම මෙම තරගාවලි දෙක පුරාවටම වෛභව් සූර්යවංශිගේ දෙවම්පියන්ට ඔහු සමඟ සංචාරය කිරීමට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22