කොළඹ – මහනුවර පාරේ වාහන 07ක් ගැටී දරුණු අනතුරක්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මොළගොඩ ප්‍රදේශයේ දී අද (22) සිදුවූ දරුණු රථ වාහන අනතුරකින් පුදගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන 07ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකුට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted