බදුල්ලේ සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය අද (20) සිට නැවත ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
දිට්වා සුළි කුණාටුවෙන් නානුඔය සහ අඹේවෙල අතර සිදු වූ හානි හේතුවෙන්, මෙම මාර්ගයේ දුම්රිය සේවා මීට පෙර බදුල්ල සහ අඹේවෙල අතර කොටසට දක්වා සීමා වී තිබුණා.
ඒ අනුව, අද (20) දිනයේ සිට බදුල්ල සහ නානුඔය අතර දිනකට දුම්රිය ගමන් වාර හතරක් ක්‍රියාත්මක වනවා.
මේ අතර රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
2
+1
+1
+1
+1













