කෝටි 07ක කුෂ් සමඟ දෙමටගොඩ ත්‍රිරෝද රථ රියැදුරුවරයෙක් මාට්ටු

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ඒවා එහි පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ”හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ, ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (19) දින පෙරවරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුවරයෙක්.

ඔහු අද (19) දින පෙරවරු 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් බෑගය තු , සුළං නොවදින ලෙස අසුරා සකස් කළ පැකැට් 12ක් තුළ, මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 ග්‍රෑම් 500 ක ප්‍රමාණය සගවා ගෙන ගෙනැවිත් තිබෙනවා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල් රත්නායකට වැඩේ වැරදිලා තියෙන්නේ - පාස්කුවේ වින්දිතයින්ට කිසි සහනයක් වෙන්නේ නෑ
03:47
Video thumbnail
සුගීෂ්වර බලන්න ගිය දොලවත්ත කිව්ව දේ - ගෝඨාභයගෙනුයි රනිල්ගෙනුයි ප්‍රකාශ ගත්තනම් නිවැරදි කියලා පේනවා
02:30
Video thumbnail
මමත් කතෝලිකයෙක්..මේකේ දෙබිඩි ගතියක් තියෙනවා - ආණ්ඩුව දැන් ශානි, රවී ආරක්ෂා කරගන්නවා
05:58
Video thumbnail
කිසි ගානක් නැතුව සතුන්ගේ මළ අපද්‍රව්‍ය බොන වතුරට දාන හැටි - ගොම බවුසර් පිටින් ගෙනත් දානවා
04:34
Video thumbnail
සුපිරි වෙළෙඳසැලකට හොරකමේ ආ නීතිඥ නෝනාගේ වැඩ කොහොමද ? කුරුමාණම අතේ මාට්ටු
01:52
Video thumbnail
අතින් අයිස් දාන්න ගිහින් පොලිසියට ගුටි පූජාවක් දෙයි - "මෙන්න පොලිසියේ කෙනාගේ පර්ස් එකේ අයිස් මාට්ටු"
03:27
Video thumbnail
පුතුන් තිදෙනා සමඟ හොරකමේ යන 70 හැවිරිදි මවක් අයිස් 13200Mg එක්ක පොලිසියට කොටුවෙයි
01:41
Video thumbnail
සීසර්ලගේ ජොබ් එක කරන්නේ දැන් පොලිසිය - සීසර්ලාට එරෙයිව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්
04:46
Video thumbnail
සුගීෂ්වර හොඳ නායකයෙක් - "ගත කරන නිවාඩු කාලය නීරෝගීව ගත කරන්න.."සුගීෂ්වරට පිරිත් දේශනයක්
03:04
Video thumbnail
කරපු හොරකමේ ප්‍රමාණයට සමානුපාතිකයි හොරාගේ කෑගැහිල්ල - නීතිය ක්‍රියාත්මක වෙනවා..හොඳ නැද්ද ?
05:16