මෙරට තැපැල් සේවාවේ උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙක් සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීම ඊයේ (18) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ, කොළඹ ප්‍රධාන තැපැල් මූලස්ථානයේ දී යි.
උප තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා උප තැපැල් ස්ථානාධිපතිවරුන් විසින් ගොඩනැගිල්ලක් සොයා ගත යුතු අතර, එම උප තැපැල් කාර්යාල ගොඩනැගිලි සඳහා රජයෙන් ගෙවනු ලැබූ රුපියල් 1500 ක දීමනාව පසුගොයා වසරේ සිට රුපියල් 7500 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













