කල්පිටියේ සිද්ධිය සොයන්න, ගුවන් හමුදාපති විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී පසුගිය 17 වැනිදා පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ ගුවන් හමුදාපතිවරයා විසින් පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් යටතේ මෙම විමර්ශන සිදු කීරෙන බව එම නිවේදනයේ සඳහන්.

රාජකාරීයේ නිරතව සිටි ගුවන් හමුදා සාමාජිකයන් හත්දෙනෙක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් විසින් වෙඩි පිටියේ රැඳී සිටි සිවිල් පුද්ගලයන් තිදෙනෙක්ගෙන් ඔවුන්ගේ අන්‍යතාවය පිළිබඳ විමසීමක් කර ඇති බවත්, එහිදී එක් පුද්ගලයෙක් පොලිස් නිලධාරියෙක් බවත් අනෙක් දෙදෙනා එම පොලිස් නිලධාරියා සමඟ පැමිණි සිවිල් පුද්ගලයන් බවටත් තහවුරු කරගත් බව ගුවන් හමුදාවේ නිවේදනයේ සඳහන් වනවා.

බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාස කටයුතු සිදුවන කාලසීමාව තුළ අදාළ ප්‍රදේශය සාමාන්‍ය ජනතාවට ඇතුළු වීම තහනම් ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති අතර රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් එහි රැඳී සිටි අදාළ සිවිල් වැසියන්ගේ විමසීම් සිදු කළ අවස්ථාවේ මෙම උණුසුම්කාරී තත්ත්වය නිරමය වූ බව නිවේදනයේ සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51