රුපියල් තුන් කෝටි දහ අට ලක්ෂ අනූ දහසක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් 13 දෙනෙක්, අද (18) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් සියලුම දෙනා චීන ජාතික ව්‍යාපාරිකයන් බවයි වාර්තා වන්නේ.
ඔවුන් අද (18) දින අලුයම 04.00ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු සහ තේ කොළ අඩංගු පෙට්ටි තුළ, චීනයේ නිෂ්පාදිත දුම්වැටි 212,600 ක් අඩංගු, දුම්වැටි කාටූන් 1,063ක් සගවා ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම පිරිස අත් අඩංගුවේ තබා ගෙන, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.













