කෝටි 03කට අධික වටිනාකමින් යුත් විදෙස් දුම්වැටි තොගයක් රේගු දැලේ

රුපියල් තුන් කෝටි දහ අට ලක්ෂ අනූ දහසක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් 13 දෙනෙක්, අද (18) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සියලුම දෙනා චීන ජාතික ව්‍යාපාරිකයන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද (18) දින අලුයම 04.00ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු සහ තේ කොළ අඩංගු පෙට්ටි තුළ, චීනයේ නිෂ්පාදිත දුම්වැටි 212,600 ක් අඩංගු, දුම්වැටි කාටූන් 1,063ක් සගවා ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම පිරිස අත් අඩංගුවේ තබා ගෙන, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී, ශානි ගැන නලින්ද කිව්ව දේ - කාදිනල් හිමිගේ උවමනාවට තනතුරුවලට පත් කළා කියලා මම හිතන්නේ නෑ
05:25
Video thumbnail
"සුගීෂ්වර ගිය වාහනය හරස් කරලා අත්අඩංගුවට අරන්" - දයාසිරි හෙළිකරයි..කුදලන් යන තැනට නීතිය පත්වෙලා
07:38
Video thumbnail
සිරිල් ගාමිණී පියතුමා තවම බයිබලයවත් හරියට කියවලා නෑ - කොහෙද බුද්ධි ක්‍රියාකාරකම් ගැන දන්නේ
04:38
Video thumbnail
හර්ෂ ගත්ත තුවක්කුව ගැන හර්ෂ හෙළිකරයි - "තව ටිකෙන් මම මැ#රෙනවා..දෙයියනේ කෑල්ල ගැලවිලා විසිවෙලා ගියා"
07:14
Video thumbnail
ගම්මන්පිල, පොලිසියට නඩු දාන්න සැරසෙයි - "අපහාස කළාට සතියක් ඇතුළත අපෙන් සමාව ගන්න"
01:57
Video thumbnail
සලේගේ CCTV දර්ශන කොටි හිතවාදින්ට අලෙවි කරන්නද හැදුවේ ?ගම්මන්පිල හෙළිකරයි
07:55
Video thumbnail
අජිත් පෙරේරා සලේ ගැන කට අරියි - සලේ වෙනුවෙන් කතා කරන්න බෑ මට..හිතේ තියෙන දේත් දන්නේ නැ
04:28
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කාන්තාව උස්සන් හෝටලයෙන් ගිය හැටි
00:23
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කාන්තාව හෝටලයෙන් උස්සන් ගිය හැටි මෙන්න - සිරුර ගැන තොරතුරු රැසක් එළියට
01:56
Video thumbnail
ඩෑෂ් කැම් එක නොතිබ්බනම් පොලිස් මහත්තයා දිණුම්
01:32