ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් වන බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේදී මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් මෙරටින් පළා ගොස් අබුඩාබි නුවර සැඟවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡයාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකථනවල රඳවා තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර පසුව මෙරටට පිටුවහල් කර තිබුණා.

සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පසු, ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෝදර චතුර කොළඹ, නාරහෙන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබෙනවා.

බ්ලූමැන්ඩල් සංඛ තවදුරටත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30