ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දිනයේ දී නිකුත් කරනු ලැබූ දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 331.42ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල ලෙස රුපියල් 341.36ක් ලෙස ද සටහන්ව තිබුණා.
ඊයේ (11) දිනයේ දී මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ විනිමය අනුපාතිකය අනුව අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 327.67ක් ලෙසත්, විකිණීමේ අනුපාතිකය රුපියල් 337.82ක් ලෙසත් සටහන්ව තිබුණා.













