ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධානතම ගෝලයා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 80ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ පහයි ග්‍රෑම් 24ක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
බොරලැස්ගමුව ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයේ විමර්ශ අංශයේ නිලධාරී කණ්ඩායමක් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු, රාත්‍රී සමාජ ශාලාවක බවුන්සර්වරයෙකු ලෙස සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමඟ හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී මෙම සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ වනවිට විදෙස් ගතව සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ මෙරට සියලු අපරාධ සහ ජාවාරම් මෙම සැකකරු විසින් මෙහෙයවා ඇති බවයි තොරතුරු හෙළි වී ඇත්තේ.













