හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධාන ගෝලයා අයිස් සහ හෙරොයින් තොගයක් සමඟ අල්ලයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධානතම ගෝලයා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 80ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ පහයි ග්‍රෑම් 24ක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

බොරලැස්ගමුව ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයේ විමර්ශ අංශයේ නිලධාරී කණ්ඩායමක් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු, රාත්‍රී සමාජ ශාලාවක බවුන්සර්වරයෙකු ලෙස සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමඟ හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී මෙම සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට විදෙස් ගතව සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ මෙරට සියලු අපරාධ සහ ජාවාරම් මෙම සැකකරු විසින් මෙහෙයවා ඇති බවයි තොරතුරු හෙළි වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37