කැනඩාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ

කැනේඩියානු රජය විසින් හඳුන්වා දුන් නව ඩිජිටල් ආරක්ෂණ පනතක් මඟින් එරට වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කර තිබෙනවා.

ආරක්ෂක ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සඳහා ඩිජිටල් නියාමකයෙක් පිහිටුවීම මගින් AI චැට්බෝට් ආරක්ෂිත කිරීම, ‘සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත’ නමින් කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව කැනේඩියානු රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් බාලවයස්කාර දරුවන්ට හානිය අවම කිරීම සඳහා නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට තහවුරු කළ වූ තාක්ෂණික සමාගම් මෙම තහනමෙන් නිදහස් කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

එමෙන්ම මෙම නීති උල්ලංඝනය කරන සමාගම්වලට එරෙහිව කැනේඩියානු ඩොලර් මිලියන 10ක් (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7ක්) හෝ එම සමාගමේ ගෝලීය දළ ආදායමෙන් 3%ක ප්‍රමාණයක් දඩය ලෙස අය කෙරෙන බවද සඳහන්.

ලොවපුර මහත් අන්දෝලනය තුඩු දුන් සිදුවීමක් වූ, කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රදේශයේ පාසලක පසුගිය පෙබරවාරි මාසයේ දී 18 හැවිරිදි සැකකරුවෙක් විසින් සිදු කරනු ලැබූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් 6 දෙනෙක් ඇතුළු 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, එහිදී එම සැකකරු ප්‍රහාරයට මාස කිහිපයකට පෙර ගිනිඅවි පිළිබඳව ‘ChatGPT’ හරහා සාකච්ඡා කර ඇති බවට අනාවරණය වුණා.

මෙම සිද්ධියෙන් පසුව අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කැනඩාවේ විශාල කතා බහක් නිර්මාණය වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33