වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 37,000ක්

2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 37,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ 2025 වසර සමඟ සැසඳීමේ දී මෙය රෝගීන් 10,000ක පමණ වැඩිවීමක් බවයි.

මේ වනවිට වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට 22ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට 17ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් සියයට 6ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර අද (08) සිට ලබන 10 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 14ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය කරමින් විශේෂ ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.

එහි සමාරම්භය කොළඹ මහනගර සභා පරිශ්‍රයේ දී කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. ශ්‍රීප්‍රතාපන්, ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12