පාකිස්තානයේ පාසල් නොයන දරුවන් ගැන ලෝක බැංකුවෙන් අනාවරණයක්

පාකිස්තානය තුළ වයස අවුරුදු 5 ත් 16 ත් අතර පසුවන පාසල් නොයන දරුවන් මිලියන 25 ක් පමණ සිටින නමුත්, එම පොදු සංඛ්‍යාලේඛන මඟින් ඔවුන් මුහුණ දෙන සැබෑ ගැටලු නිවැරදිව හඳුනා ගැනීමට බලධාරීන් අසමත් වී ඇති බව ලෝක බැංකුවේ නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා.

ලෝකයේ දෙවනුවට වැඩිම පාසල් නොයන දරුවන් සංඛ්‍යාවක් සිටින්නේ පාකිස්තානය තුළයි.

ලෝක බැංකු ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දරුවෙකු පාසල් නොයන්නේ නිවස අසල පාසලක් නොමැති නිසාද, නැතහොත් පාසල් තිබියදීත් වෙනත් බාධක නිසාද යන්න මෙම පොදු දත්ත මඟින් වෙන්කර හඳුනාගත නොහැකි බවයි. මේ සඳහා ප්‍රථම වතාවට චන්ද්‍රිකා තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ පාසල් දත්ත ඒකාබද්ධ කරමින් ප්‍රජා මට්ටමේ සිතියමක් සකස් කර තිබෙනවා.

එමඟින් හෙළි වී ඇත්තේ රටේ ජනගහනයෙන් 51% කට විනාඩි 20 කින් පාසලක් වෙත ළඟා විය හැකි වුවත්, 37% ක ප්‍රජා කලාපවලට ආසන්නයේ කිසිදු පාසලක් නොමැති බවයි.

තවද, ලාහෝර් සහ කරච්චි වැනි නගරවල පෞද්ගලික පාසල් ප්‍රතිශතය 80% ඉක්මවන අතර, දිළිඳුතම ප්‍රජාවන් අතර එම අගය 9.5% ක් තරම් අවම මට්ටමක පවතිනවා.

පෞද්ගලික පාසල් ලියාපදිංචි නොවීම නිසා රජයේ නිල දත්තවලට වඩා 10% කට වඩා වැඩි පෞද්ගලික පාසල් ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වන බවද මෙහිදී අනාවරණය වුණා.

මීට අමතරව, 2022 වසරේ සිදු වූ දැවැන්ත ගංවතුරෙන් පසු පාසල් යටවීම සහ විනාශ වීම හේතුවෙන් දරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ස්ථිරවම අධ්‍යාපනයෙන් බැහැර වී තිබෙනවා.

මෙම තත්ත්වය නිවැරදි කිරීමට නම්, පෞද්ගලික පාසල් දත්ත යාවත්කාලීන කිරීම, ප්‍රජා මට්ටමින් ගැටලු විසඳීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි පාසල් යටිතල පහසුකම් සැලසුම් කිරීම අත්‍යවශ්‍ය බව ලෝක බැංකුව අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13