අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්, කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව අද උදෑසන 9:30 සිට හෙට උදෑසන 7:30 දක්වා එම දුම්රිය හරස් මාර්ගය වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,
එම කාලසීමාව තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













