‘ඉම්රන් කාන්’ සහ ‘බෝංචියා’ එකතු වෙලා දුන්න ගේමේ වතගොත එළියට

පසුගිය 28 වැනිදා කළුතර වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණ පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කළ සැකකරු වන පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචි සම්පත් කුමාරතුංග හෙවත් ‘මැහිමුල්ලේ බෝංචියා’ නමැති සැකකරුව ඊයේ (03) දින කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු කළුතර දකුණ පොලිසියට බාර දීමෙන් අනතුරුව කළුතර දකුණ පොලිසිය මගින් එම සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වැනිදා දක්වා සැකකරුට රැඳවුම් නියෝග ලබාදීමට අධිකරණය තීන්දු කළා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ඉම්රාන් ඛාන් නමැත්තා මෙම වෙඩික්කරුට වෙඩි තැබීමෙන් අනතුරුව රුපියල් 25000 ක මුදලක් ලබාදී ඇති අතර, ඉම්රන් කාන් නැමැත්තාගේ සමීපතමයෙකු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කළුතර නවීන් නමැත්තා විසින් මෙම වෙඩික්කරු සහ ගිනි අවිය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩික්කරු වන මැහිමුල්ලේ බෝංචියා හෙවත් සම්පත් කුමාරතුංග යන අය විසින් කළුතර නවීන්ට ලක්ෂ තුනකට ආසන්න මුදලක් මත්ද්‍රව්‍ය ගනුදෙනුවකදි ලබාදීමට ඇති බවත් එම ගනුදෙනුව පියවීම සඳහා මෙම වෙඩි තැබීම මුදල් හිලව්වට සිදු කරන්නට ඇතැයි තොරතුරු වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කොට ඉවත්ව සිටින පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45