හොරණ – බටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම ගින්නෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 07 දෙනෙක් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙම ගින්න ඇතිවන අවස්ථාවේ එම වැඩිහිටි නිවාසයේ 72 දෙනෙක් රැඳී සිට ඇති අතර ඒ අතරින් 51 දෙනෙක් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබෙනවා.
පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය මෙහි, මානසික ආබාධ සහිත පුද්ගලයින් ද සිට ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
10
+1
2
+1













