සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබෙනවා.
15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ නායකත්ව යළිත් වරක් ෂායි හෝප් වෙත හිමිව තිබෙනවා.
දෙරට අතර එක්දින තරගාවලිය ජුනි 03 වනදා සිට ජුනි 08 වනදා ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදී පැවැත්වීමට නියමිතයි.
බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය –
ෂායි හෝප්, ඇකීම් ඔගස්ටේ, ජෝන් කැම්බල්, කීසි කාර්ටි, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ජස්ටින් ග්රීව්ස්, ශිම්රන් හෙට්මයර්, අමීර් ජංගු, අල්සාරි ජෝසප්, ෂමර් ජෝශප්, ගුඩකේෂ් මෝටි, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, ජේඩන් සීල්ස්, ෂමර් ස්ප්රින්ගර්

ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
1
+1













