හදිසියේ සිදුකළ විදුලිය විසන්දි කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අද (30) දිනයේ සිදුවූ විදුලි විසන්දි වීම සම්බන්ධයෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සමගම පවසන්නේ වෙසක් පොහොය සහ සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකථනය කල සීමාවට වඩා සීඝ්‍රයෙන් පහළ ගිය බවයි.

ඒ, අනුව සූර්ය පැනල මගින් ජනනය වන විදුලි ප්‍රමාණයද ඉතා ඉහළ අගයකට වැඩි වූ බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය සහ අඛණ්ඩ සැපයුම රැක ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක විදුලි ඉල්ලුමට වඩා සූර්ය විදුලි ජනනයක් සිදුවන විදුලි පෝෂක (33 kV feeders) විසන්ධි කිරීමට පියවර ගැනීමට සිදු වූ බවයි අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත්තේ.

මෙම තත්වය මග හරවා ගැනීම සදහා උදෑසන 8.00 සිට පස්වරු 3:00 දක්වා වහල මත සවි කරන ලද සූර්ය පැනල හිමිකරුවන් හට තම සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන මෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම විසින් ඉල්ලා සිටි බවත්, ජාතික විදුලිබල පද්ධතිය ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වන පරිදි සියළු ප්‍රදේශ වල විදුලි සැපයුම සවස 3:00 පමණ වන විට යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බව දන්වා සිටිනවා.

3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10