මෙනින්ජයිටීස් රෝගීන් 200ක් – දන්සැල්වලට සිසිල් බීම දෙන්න එපා (වීඩියෝ)

මෙනින්ජයිටීස් රෝගීන් 200ක් මේ වනවිට වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා.

එම කාර්යාංශයේ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ, මේ වනවිට දිස්ත්‍රික්ක හතරක රෝගීන් 50ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර එළඹෙන වැසි සමය තුළ මෙම රෝග බෝවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද වෛද්‍යවරිය සඳහන් කළා.

මෙහිදී උණුකර නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් බවත්, රෝගී ලක්ෂණ ඇති පුද්ගලයින් ජනතාව රැස්වන ස්ථානවල නොගොස් සිටීම වඩාත් සුදුසු බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පැතිරයන මෙනින්ජයිටීස් රෝග තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් දන්සැල්වල දී සිසිල් බීම ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කාරුණිකව දන්සැල් සංවිධායකයින්ට දැනුම් දෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන්පතිරණ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේ සිසිල් බීම වෙනුවට තේ, කෝපි, රණවරා, බෙලිමල් වැනි දේවල් ලබාදිය හැකි බවයි.

දන්සැල්වල දී සෑම අවස්ථාවකම වතුර උණු කර ලබාදෙන පාන වර්ග ලබාදීමට කටයුතු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:52
Video thumbnail
යෝෂිතගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
00:53
Video thumbnail
පැතිර යන මොළේ උණ රෝගය ගැන විශේෂ හෙළිදරව්වක් - මේ වෙනකොට රෝගීන් 200ක් වාර්තාවෙලා
08:54
Video thumbnail
අම්මව බලන්න තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
02:25
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54