දික්ඔය දිවිත්ව ඝාතනයේ සැකකරු රෝහලෙන් පැන ගිහින්

හැටන් – දික්ඔය දිවිත්ව ඝාතනයේ සැකකරු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පළාගොස් තිබෙනවා.

සැකකරු අද (27) අලුයම මෙලෙස රෝහලෙන් පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඔහුට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත බන්ධනාගාර නිලධාරින් විසින් ඊයේ (26) මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත්කර තිබෙනවා.

එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකරු අද (27) අලුයම රොහලේ පැන ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වුණේ.

හැටන් – දික්ඔය නගරයේ වෙළඳසැලක සිටි මහලු අඹුසැමි යුවලක් ඝාතනය කර ඔවුන් සතුව තිබූ රත්‍රං කොල්ල කා පලාගොස් සිටි මෙම සැකකරු බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

සැකකරු බිරිදගේ ණය මුදලක් ගෙවීම සදහා බිරිදගේ බලපෑම මත තමන් මෙම ඝාතනය සහ සොරකම සිදුකළ බවත්, තමන් එම තත්ත්වයට පෙළඹ වූ බිරිදව බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඝාතනය කරන බවට ඔහු පොලිසිය වෙත පවසා තිබෙනවා.

සැකකරු සහ ඔහු විසින් සොරකම් කරන ලද ස්වර්ණාභරණ දැඩි පරිශ්‍රමයක් දරා සොයා ගත් පොලිස් නිලධාරින් එම සතුට සැමරීම වෙනුවෙන් කේක් කපා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාත්තන්කුඩිය රත්කළ විශාල ගින්න - කෝටි ගණනක අලාභයක්
01:29
Video thumbnail
ඡන්දෙට ලෑස්ති වෙන්න - අනිවාර්යෙන් මේ අවුරුද්දේ තියනවා
10:17
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00