රුපියල් ලක්ෂයක මුදලකට, දින 19 ක් වයසැති බිළිදෙක් මාරු කිරීමට ගිය මව අත්අඩංගුවට

දින 19 ක් වයසැති බිළිදෙකු රුපියල් ලක්ෂයක මුදලට අලවි කිරීමට සුදානම් වූ 06 දෙනෙක්ව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) ආණමඩුව – ආඩිගම ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මිලදී ගන්නා බිළිදාව රැගෙන ඒම සදහා ගිය බව කියන වෑන් රථයෙක්ද පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස් අතර, බිළිදාගේ මව, ඇයගේ වැඩිමහල් සහෝදරයෙක්, ඔහුගේ බිරිද, බිළිදා මිලදී ගැනීමට සුදානම් වූ අඹු – සැමි යුවලක් සහ පොලිස් බාරයට ගෙන ඇති වෑන් රථයේ රියදුරුද වන බව පොලිසිය පවසනවා.

බිළිදා අලෙවි කිරීමට සුදානම් වූ මව ඇයගේ සහෝදරයා ආණමඩුව – ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

බිළිදා මිලදී ගැනීමට සුදානම් වූ අඹු – සැමි යුවල කල්පිටිය – මාම්පූරිය පදිංචිකරුවන් බවත් පොලීසිය පවසනවා.

බිළිදා රැගෙන ඒමට ගිය වෑන් රථය පදවා ඇත්තේ පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බිළිදා අලවි කිරීමේ අතරමැදි කටයුත්ත සිදු කර ඇත්තේ වෛද්‍යවරයෙකු විසින් බවටද වැඩිදුර විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන්ද,පොලිස් බාරයට ගෙන ඇති බිළිදා සහ වෑන් රථයද වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පුත්තලම පොලීසියට බාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !