නාත්තන්ඩිය – දුන්කන්නාව,බක්මීගස්වැව ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය භාවිතයට ගත නොහැකි මට්ටමේ විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් හමුවී ඇති බව මාරවිල පොලීසිය පවසනවා.
අද (25) පෙරවරු 10.00 ට පමණ මෙම ජීව අත් බෝම්බය දැක ඇති ප්‍රදේශවාසියෙක් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී තිබෙනවා.
නාත්තන්ඩිය – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට යාබදව ඇති අතුරු මාර්ගයක් ආසන්නයේ තිබී මෙම අත් බෝම්බය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනවල ඇති වූ වර්ෂාවත් හේතුවෙන් ජලය ගලා යාම නිසා වළ දමා තිබූ බෝම්බය පොළවෙන් මතුපිටට
පැමිණ ඇති බව පොලීසිය පවසනවා.
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













