හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් ඝාතනය කර කාන්තාව සතු පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු හැටන් සහ බගවන්තලාව පොලිසිය මගින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට ප්‍රථම දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්ථාවක් ලබා ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිළධාරින් පියවර ගෙන තිබෙනවා.
සැකකරු බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ බිරිදගේ සොයුරාගේ නිවසේ සැගව සිටියදී එම නිවස අසල පදිංචිකරුවන් පිරිසක් විසින් සැකකරු සොයා දෙන ලෙස මාධ්‍ය මගින් කළ දැනුම්දීමක් මත ඒ පිලිබදව පොලිසිය වෙත තොරතුරු ලබා දිමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකරුගේ බිරිද හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, සැකකරු තවදුරටත් පොලිසිය තුල රදවාගෙන ප්‍රශ්න කිරිමට රැදවුම් නියෝග ලබා ගන්නා බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ
නිළධාරියෙක් කියා සිටියේ.
සැකකරු විසින් රැගෙන ගිය ස්වර්ණාභරණ සියල්ල ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, ඝාතනයට ලක් වූ එස්.කාලිමුත්තු සත්තිවේල් සහ සගුන්තලාදේවි යන අයගේ අවසන් කටයුතු අද (24) දින පස්වරුවේ දික්ඔය දරවල පොදු සුසාන භූමියේදි සිදු කෙරුණා.













