මහනුවර නගරයේ කොටුගොඩැල්ල වීදීය අසල ඉන්ධන පිරවුම් හලක් ආසන්නයේ පුද්ගලික පස් මහල් ගොඩනැගිල්ලක අමතර කොටසක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී අද (24) දහවල් එම ඉදිකිරීම් කොටසක් හදිසියේ කඩා වැටීමට ලක්ව තිබෙනවා.
ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි ඉදිකිරීම් කම්කරුවන් දෙදෙනෙක් එම කඩා වැටුණු ඉදි කිරීම්වලට යටවී බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සුන්බුන් වලට යටවී බරපතළ තුවාල ලද ඉදිකිරිම් සේවකයන් අවට සිටි පිරිස් විසින් ඉවත්කර හදිසි සේවා ගිලන් රථ මඟින්, මහනුවර රෝහල වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.
මහනුවර පොලිසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













