ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබන විමර්ශනයට සමගාමීව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (23) දින වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 260 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 24 හා 38 වයස්වල පසුවන ගිරාඳුරු කෝට්ටේ සහ මහව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලසිය සඳහන් කළා.
වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













