ගාල්ල, දංගෙදර වෙඩි තැබීමට සම්බන්ධ තවත් දෙදෙනක් මාට්ටු

ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබන විමර්ශනයට සමගාමීව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (23) දින වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 260 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 24 හා 38 වයස්වල පසුවන ගිරාඳුරු කෝට්ටේ සහ මහව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලසිය සඳහන් කළා.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01