අවුරුදු 13ක දැරිය මාස දෙකක ගැබිණියක් කළ දෙදරු පියා අත්අඩංගුවට

වයස අවුරුදු 13ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඇයව ගැබිනියක් කළ පුද්ගලයෙක් ලිඳුල පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (22) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 401ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම දැරියගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතුනු දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියක් විසින් එම පාසල් සිසුවියගේ මව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

පසුව මව විසින් ඒ සම්බන්ධයෙන් දැරියගෙන කරුණු විමසා ඇති අතර, පසුව සිද්ධිය පිළිබඳව ඊයේ (21) ලිඳුල පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ලිඳුල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් එම දැරිය රෝහල් ගතකර වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර, එහිදී ඇය මාස දෙකක ගැබිණියක් බවට තහවුරු වී තිබෙනවා.

අනතුරුව දැරිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පාසල් සිසුවිය පදිංචි වතුයායේම පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
00:00
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23
Video thumbnail
"ඔළුවට උඩින් වතුර ගහනවා"කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් යටවෙලා - වාහනවලටත් යන්න බෑ
02:18
Video thumbnail
කඩා හැලෙන මහ වැස්ස හමුවේ කොළඹ නගරයේ තත්ත්වය..මුහුදත් රළු ස්වාභවයක්
01:45
Video thumbnail
මහ වැස්සෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
01:12
Video thumbnail
අඹුසැමි යුවලක් බිහිසුණු අයුරින් එළොව යවලා.."බලන් ඉන්නේ මොන මඟුලකටද "
02:35
Video thumbnail
ජනාධිපතිගේ නට් බුරුල් වෙලා ද..?
10:49
Video thumbnail
මලයගම් ජනතාව වෙනුවෙන් සජිත් සංවේදී වෙයි
10:05
Video thumbnail
ලෝකේ වැඩිම මිලට තෙල් ගත්තේ ලංකාව ද..? ඇත්ත නැත්ත මෙන්න
09:53
Video thumbnail
මෙයාට හෙල්මටුත් නෑ - ලයිසනුත් නෑ
00:57