ජන රජ ව්‍යවස්ථාව තුළින් 1972 මයි මස 22 වන දින ශ්‍රී ලංකාව ජන රජයක් බවට ප්‍රකාශයට පත්කිරීම සිහිපත් කරමින් 54 වෙනි ජනරජ දිනය උත්කර්ෂවත් ලෙස හා අභිමානයෙන් සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු විධි විධාන යොදා ඇති බව එම පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ශ්‍රි ලංකා ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා සුවිශේෂී දේශපාළන නායකත්වයක් ලබා දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කෘතවේදිව සිහිපත් කිරීමත්, මෙම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති සහය ලබාදුන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාත් ජන රජ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා මෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා සහය දෙන ලද ශ්‍රී ලංකාවේ දේශපාළන පක්ෂ පාර්ශව සිහිපත් කිරීමේ අරමුණින් 54 වන ජනරජ උළෙළ පක්ෂය විසින් උත්කර්ෂවත් අයුරින් සමරන බවයි නිවේදනයේ සඳහන් වුණේ.
ඒ අනුව ලබන 22 වැනිදා සවස 03.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට ජනරජ උළෙළ නියමිත බවයි නිවේදනයේ සඳහන්ව ඇත්තේ.













