දේශීය ගොවීන්ගෙන් සෘජුවම අර්තාපල් මිලදී ගන්න සතොස සැරසෙයි

දේශීය අර්තාපල් ගොවීන් සාධාරණ වෙළෙඳ පොළ මිලක් සහිතව ආරක්ෂා කිරීම සඳහා රජය විසින් දැනට අර්තාපල් ආනයනය මත කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 80ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල අස්වනු නෙළන සමය ආරම්භයේදී, අතරමැදියන් හා තොග වෙළෙන්දන් අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 200 සිට රුපියල් 220 දක්වා ගොවිපොළ අලෙවි මිලක් පනවා ඇති අතර, ඉදිරි දිනවල අස්වනු පරිමාව ඉහළ යාමත් සමඟ එම මිල උච්ඡාවචනය වීමට හැකියාව පවතිනවා.

මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දේශීය සැපයුම උපරිම අයුරින් සහ උචිත පරිදි ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, දේශීය අර්තාපල් ගොවින්ගෙන් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) විසින් සෘජුවම අර්තාපල් මිල දී ගැනීමටත්, එම තොග සීමාසහිත ලංකා සතොස සමාගම වෙත අලෙවි කර, එම සමාගමේ සිල්ලර අලෙවි සැල් ජාලය හරහා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, එක් අර්තාපල් ගොවියෙකු ගෙන් උපරිම කිලෝග්‍රෑම් 1,000ක් පමණ මිල දී ගැනීමට යටත්ව, යෝජිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51