ඓතිහාසික වෙළඳ ගිවිසුමේ වාසිත් රැගෙන මෝදි නවසීලන්තයට

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන ජූලි මාසයේදී නවසීලන්තයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය ඔහුගේ පළමු නවසීලන්ත සංචාරය වනවා.

පසුගිය මාසයේදී දෙරට අතර අත්සන් කරන ලද ඓතිහාසික වෙළඳ ගිවිසුම මෙම සංචාරයේ ප්‍රධාන පසුබිමයි.

මෙම ගිවිසුම මඟින් නවසීලන්තයේ අපනයනවලින් සියයට 95ක් සඳහා පනවා තිබූ තීරුබදු ඉවත් කිරීමට හෝ අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ යටතේ බැටළු මස්, ලොම්, වන වගා නිෂ්පාදන සහ මුහුදු ආහාර සඳහා වන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි හෝ කෙටි කාලීනව විශාල ලෙස කපා හැරුණා.

මෙතෙක් කල් ඉන්දියාව පනවා තිබූ ඉහළ තීරුබදු හේතුවෙන් නවසීලන්තයට ඉන්දීය වෙළඳපොළ අහිමි වී තිබුණද, නව බදු සහන හරහා දෙරට අතර වාණිජමය සබඳතා දැඩි ලෙස ශක්තිමත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වුණේ.

මෙම ගිවිසුම සහ මෝදිගේ ඉදිරි සංචාරය දෙරටේ ආර්ථික සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18