ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති බව කතානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කතානායකවරයා විසින් අද (19) පෙරවරුවේ සිදුකළ විශේෂ දැනුම්දීම් තුළ දී මේ බව පවසා සිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) වගන්තිය යටතේ ගෙන එන ලද අභියෝගයකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි කතානායක ජගත් වික්‍රමරත්න සඳහන් කළේ.
මෙම පනත් කෙටුම්පතේ අඩංගු එක් එක් ප්‍රතිපාදනයන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකට පටහැනි නොවන බවට
ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බවත් කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයා වෙත යොමුකළ තීන්දුව මෙතැනින්.













