ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති බව කතානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කතානායකවරයා විසින් අද (19) පෙරවරුවේ සිදුකළ විශේෂ දැනුම්දීම් තුළ දී මේ බව පවසා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) වගන්තිය යටතේ ගෙන එන ලද අභියෝගයකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි කතානායක ජගත් වික්‍රමරත්න සඳහන් කළේ.

මෙම පනත් කෙටුම්පතේ අඩංගු එක් එක් ප්‍රතිපාදනයන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකට පටහැනි නොවන බවට
ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බවත් කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයා වෙත යොමුකළ තීන්දුව මෙතැනින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26