රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට නව චක්‍රලේඛයක්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය තහනම් කිරීමට සහ තනි භාවිත ප්ලාස්ටික් තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයක සඳහන් වන්නේ එළඹෙන මැයි 31 වන දින සිට සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය තහනම් කරන බවයි.

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් මෙම නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛයට අනුව, රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් භාවිතය වැළැක්වීමට ආයතන ප්‍රධානීන් පියවර ගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !