වනවාසල දුම්රිය මාර්ගයේ ගැලවූ කොටස් රුපියල් 3,000කට විකුණා ඇති බව හෙළිවෙයි – මිලදී ගත් පුද්ගලයාත් අත්අඩංගුවට

වනවාසල දුම්රිය ස්ථානයට ආසන්නයේ දී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (17) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සභාගී වූ බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සඳහන් කළේ, දුම්රිය අනතුරට හේතු වූ දුම්රිය මාර්ගයේ කොටස් ගලවා විකිණූ පුද්ගලයා සහ එම කොටස් මිල දී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින අයෙකු වන අතර, ඔහු වයස අවුරුදු 25ක අයෙක් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

දුම්රිය මාර්ගයේ, ගැලවූ කොටස් විකුණා ඇත්තේ රුපියල් 3,000ක මුදලකට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම කොටස් ගලවා විකිණීමෙන් ලැබෙන්නේ සුළු ලාභයක් වුවද මෙවැනි සිදුවීම් හරහා මිලියන ගණනක හානියක් සිදුව ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් දෙදෙනා පොදු දේපලවලට හානි සිදුකිරීමට අමතරව මෙම අනතුරින් සිදු වූ හානිය හා අලාභ‍ය සම්බන්ධයෙන් නඩු පවරමින් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ් - මූණත් වහගෙන නිල්පාට බස් එකෙන් ගිය හැටි
00:48
Video thumbnail
හිටපු පොලිස්පතිගේ එළොව යෑම ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - CD වික්‍රමරත්න ප්‍රබල සාක්ෂියක් දුන්නා
09:16
Video thumbnail
BREAKING "මේකට ආණ්ඩුව වගකීම ගන්න ඕනේ" - හිටපු පොලිස්පතිගේ මරණය ගැන විශේෂ අනාවරණයක්
01:14
Video thumbnail
හිටපු පොලිස්පති ගැන ප්‍රබල හෙළිදරව්වක් - හිටපු පාලකයෝ එක්ක සමීප සම්බන්ධකම් තිබුණා ?
03:42
Video thumbnail
මේ රටේ අපි තමයි ඊළඟ විකල්පය..අපි විපක්ෂයේ ඉන්න කැමති නෑ අපිට ඕන ඊළඟට රටේ බලය ගන්න
05:10
Video thumbnail
ඉල්ලා අස් වෙන්නේ නැත්තම් අස් කරන්න - කිසිවක් නොකර නිදා ගැනීම ගැන ඇමති වග කියන්න ඕනි
06:14
Video thumbnail
කවුරුත් නොදන්න හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ කතාව මෙන්න
03:14
Video thumbnail
මැදපෙරදිග යුද්දය නිසා ඉන්ධන මිල ඉහළ යයිද ? යුද්දයට කළින් තිබ්බ මිලට එන්නේ නෑ
03:50
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46