බගවන්තලාව සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.
අද (16) දින පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් – බගවන්තලාව ප්රධන මාර්ගයේ නෝර්වුඩ්, නිව්වැලිගම ප්රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගය අභියස වූ දුරකථන රැහැන් සහිත කණුවක ගැටී කැබ් රථය නතර වී ඇති බවයි වාර්තා වන්නේ.
කැබ් රථය අනතුරට පත් වන අවස්ථාවේ කැබ් රථය තුල දෙදෙනෙක් ගමන්කර ඇතත්, ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත්, අනතුරින් කැබ් රථයේ පසුපස රෝදයට ගැලවි ගොස් ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පොලිසිය කියා සිටිනවා.
අනතුරට හේතුව කැබ් රථයේ අධික වේගය සහ කැබ් රථය ලිස්ස යෑම බවට සැකකෙරෙන අතර, පවතින අයහපත් කාලගුණයෙන් සමග ප්රධාන මර්ගවල සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.













