අයහපත් කාලගුණයේ අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් අනතුරට

බගවන්තලාව සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

අද (16) දින පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් – බගවන්තලාව ප්‍රධන මාර්ගයේ නෝර්වුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගය අභියස වූ දුරකථන රැහැන් සහිත කණුවක ගැටී කැබ් රථය නතර වී ඇති බවයි වාර්තා වන්නේ.

කැබ් රථය අනතුරට පත් වන අවස්ථාවේ කැබ් රථය තුල දෙදෙනෙක් ගමන්කර ඇතත්, ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත්, අනතුරින් කැබ් රථයේ පසුපස රෝදයට ගැලවි ගොස් ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පොලිසිය කියා සිටිනවා.

අනතුරට හේතුව කැබ් රථයේ අධික වේගය සහ කැබ් රථය ලිස්ස යෑම බවට සැකකෙරෙන අතර, පවතින අයහපත් කාලගුණයෙන් සමග ප්‍රධාන මර්ගවල සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40