නවතම දත්ත විශ්ලේෂණ අනුව, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන වන බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයින වටා දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
තවද මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.













