හෙටත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, හෙට (17) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වලාකුළින් බරව පවතී.

එමෙන්ම හෙට (17) ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක හෙට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ පැවසෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක සාපයක් - රටට සෙතක් වෙන්න අනුර කුමාර භාරයක් කරන්න
05:31
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
02:35
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
01:01
Video thumbnail
ලීසිං ක්‍රමයට හාල් දෙන්න කොහේවත් තීරණයක් අරගෙන නෑ
03:52
Video thumbnail
බූරු කුට්ටමේ ඉන්න ජෝකර්ලා වෙනුවට උඹලාගේ ෆොටෝ එකක් දාගන්න
06:41
Video thumbnail
ලෝක අර්බුධය පාවිච්චි කරලා අපි හොරකම් කළේ නෑ
11:41
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:31
Video thumbnail
මහ පාරට කුණු දාලා කඩුවෙල අපිරිසිදු කරන කට්ටිය
01:45
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12