උපත් පාලන කොපු 160,000ක් නොමිලේ නිකුත් කෙරේ

ජපානයේ ටෝකියෝ නුවරදී ලබන මස 23 වනදා ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා උපත් පාලන කොපු 160,000ක් නොමිලේ නිකුත් කිරීමට මෙවර ඔලිම්පික් සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඔලිම්පික් සංවිධායකයින් පවසන්නේ එම උපත් පාලන කොපු තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව තුල කිසිඳු ක්‍රීඩක ක්‍රීඩිකාවකට භාවිත කිරීමට අවසර ලබා නොදෙන බවයි.

එලෙස ලැබෙන උපත් පාලන කොපු ඔලිම්පික් තරඟාවලිය අවසන් වූ පසු එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිහිවටනයක් ලෙස රැගෙන යාමට අවසර හිමිවන බවයි සංවිධායකයින් වැඩිදුරටත් පවසන්නේ.

ගෝලීයව පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තරඟාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශාරීරික වශයෙන් කිසිඳු සබඳතාවක් පැවැත්වීමට අවසර ලබා නොදෙන බව මෙවර ඔලිම්පික් සංවිධායකයින් පවසා සිටියා.

ඔලිම්පික් ගම්මානයේ රඳවනු ලබන සියලු දෙනා සමාජ දුරස්ථ භාවය පිළිබඳ මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැඩිව ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඔලිම්පික් තරඟාවලියට දේශීය ප්‍රේක්ෂකයන් සහභාගි කරගන්නේද නැද්ද යන්න පිළිබඳ අනිද්දා රැස්වී අවසන් තීරණයක් ගැනීමට සංවිධායක මණ්ඩලය සූදානම් වනවා.

කොරෝනා වසංගතය පැතිරීම අවම කරගැනීමේ අරමුණින් ප්‍රේක්ෂකයන් නොමැතිව තරගාවලිය පැවැත්විය යුතු බවයි එරට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔලිම්පික් තරගාවලිය සඳහා අවම ප්‍රේක්ෂක පිරිසක් සහභාගි කරගැනීමට ඔලිම්පික් සංවිධායක කමිටුවේ  අවධානය යොමු ඇති බැවින් ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමටයි නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම තරඟාවලියට විදෙස් ප්‍රේක්ෂකයන් සහභාගි කර නොගැනීමට මීට පෙර තීරණය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18