ලෝක චෙස් සම්මේලනයේ සභාපති අරක්කඩි ඩුකෝවිච් අද (16) දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 550 කගේ සහභාගීත්වයෙන් මෙම චෙස් තරගාවලිය අද සිට ලබන 26 වනදා දක්වා පැවැත්වෙනවා.
ලෝක චෙස් සම්මේලනයේ සභාපතිවරයා අද (16) උදෑසන 07.40ට රුසියාවේ මොස්කව් නුවර සිට රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
දිවයිනට පැමිණි සභාපතිවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය, පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් සම්මේලනයේ සභාපති බරත් සිං ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.













