නිෂ්පාදන පිරිවැය ඉතා වැඩියි – බිත්තර නිෂ්පාදකයින් බිත්තරයකට අවම මිලක් ඉල්ලයි

නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමඟ බිත්තර නිෂ්පාදනය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා අද වනවිට රුපියල් 32ක් වැනි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් අද වන විට ගොවිපොළවලින් බිත්තරක් මිල දී ගනු ලබන්නේ රුපියල් 27ත් 28ත් යන තොග මිලකට බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඒ, අනුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙම ගොවිපොළ පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම බිත්තරක් සඳහා රුපියල් 6ක වැට් බද්දක් අයකරන බවත් සඳහන් කළ ඔහු, එලෙස බදු අය කිරීම ද මෙම නිෂ්පාදනය පවතවාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්වීමට හේතුවක් වී ඇති බවයි සඳහන් කර සිටියේ.

ඒ, අනුව සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ බිත්තර නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා බිත්තරයක් සඳහා අවම මිලක් නියම කරන ලෙසයි.

එමෙන්ම අතිරික්ත බිත්තර නිෂ්පාදනය සතොස හරහා මිල දී ගෙන බිත්තර නිෂ්පාදකයින්ට සහනයක් වන ලෙසත් සභාපතිවරයා මෙහිදී රජයෙන් ඉල්ලීමක් කළා.

බිත්තර නිෂ්පාදනයෙන් සුළු හා මධ්‍යම පරිමාණයේ ගොවිපොළ හිමියන් ඈත් වුවහොත් රට තුළ යළිත් බිත්තර හිඟයක් ඇතිවීම වළක්වා ගත නොහැකි බව සඳහන් කළ සභාපතිවරයා, ඒ අනුව බිත්තර ආනයන කිරීමට සිදුවන බවයි පැවසුවේ.

මේ අතර වෙළඳපොළේ බිත්තරක මිල රුපියල් 30ත් 35ත් අතර අගයක පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02