මූල්‍ය ආයතනවලට එරෙහි මහජන පැමිණිලි සඳහා මහ බැංකුවෙන් ඩිජිටල් වේදිකාවක්

වාණිජ බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවලට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව සඳහා නව මාර්ගගත පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා..

මහ බැංකුවට අනුව, මෙම ඩිජිටල් වේදිකාව මඟින් පාරිභෝගිකයින්ට තමන්ට පහසු ඕනෑම වේලාවක, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ඕනෑම මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වෙනවා.

ලේඛන කටයුතු භාවිතය අවම කිරීමෙන්, පද්ධතිය පරිපාලන ප්‍රමාදයන් ඉවත් කරන බවත්, වඩාත් කාර්යක්ෂම හා කාලෝචිත විසඳුම් ක්‍රියාවලියක් මෙමඟින් සහතික කරන බවයි මහ බැංකුව අවධාරණය කළේ.

පුද්ගලයන් පළමුව තම පැමිණිලි සෘජුවම අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ඉදිරිපත් කළ යුතු අතර, මහ බැංකුවේ මාර්ගගත පද්ධතිය භාවිත කළ යුත්තේ ආයතනය ගැටලුව විසඳීමට අපොහොසත් වුවහොත් හෝ පාරිභෝගිකයා ඔවුන්ගේ අවසාන ප්‍රතිචාරය ගැන සෑහීමකට පත් නොවන්නේ නම් පමණයි.

මෙම ද්වාරය හරහා, පරිශීලකයින්ට තම පැමිණිලිවල තත්‍ය කාලීන තත්ත්වය සහ ප්‍රගතිය සෘජුවම නිරීක්ෂණය කළ හැකියි.

www.reachus.cbsl.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට නව පැමිණිලි කළමනාකරණ පද්ධතියට ප්‍රවේශ විය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50