කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳ සාක්ෂි විභාගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (12) පැවැත්වුණා.

කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය පසුගියදා කොල්ලුපිටියේ පිහිටි නිවසක දී සොයා ගැනුණා.

එම නිවස ඔහුගේ බිරිඳගේ සොහොයුරියගේ නිවස වන අතර සොහොයුරිය වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක සහ ඇයගේ සැමියා වන අරවින්ද ද සිල්වා යන අය කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද (12) සාක්ෂි ලබාදුන්නා.

කපිල චන්ද්‍රසේන මහතා මියයනවිට ඇද සිට ඇදුම් ඇතුළු නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමුකිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබාදුන්නා.

ඔහු සතුව තිබී භාරයට ගත් පුද්ගලික බැංකු කාඩ්පත විමර්ශන අවසන් තුරු අක්‍රීය කරන ලෙස කළ ඉල්ලීමට ද අවසර ලැබුණා.

ඔහුගේ ජාතික හැදුනුම්පතට අදාළ දුරකතන දත්ත ලබාගැනීමට අවසර ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියා.

ජංගම දුරකතන මුරපදය ඔහුගේ මුහුණ බැවින් මෘතදේහය සමග එය සංසන්දනය නොවූ බවත් ඒ සම්බන්ධයෙන් දුරකතන සමාගමෙන් විමසා ඉදිරි කටයුතු සිදුකිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

වැඩිදුර සාක්ෂි විමසීම ලබන 14 වනදා තෙක් කල්තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40