ආනයනික විදේශීය මත්පැන්, දේශීයව නිෂ්පාදිත විදේශීය මත්පැන්, සහ දේශීය මත්පැන් සඳහා දැනට ආරක්ෂක සලකුණු මුද්‍රණය කිරීමේ සේවාව පවරා ඇති ආයතනයේ කොන්ත්‍රාත් කාලසීමාව 2027 වසරේ ජනවාරි 01 දිනෙන් අවසන්වීමට නියමිතයි.
ඒ, අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ තනි – අදියර ද්විත්ව කවර ලංසු කැඳවීමේ ක්‍රමවේදය භාවිත කරමින් අදාළ දත්ත පද්ධතිය සඳහා අවශ්‍ය ආරක්ෂක සලකුණු සහ පද්ධති කළමනාකරණ සේවා සැපයීම පිණිස වසර 05ක කාලසීමාවක් සඳහා සුදුසු සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2021-10-16 දිනැති අංක 2249/50 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති අංක 10/2021 දරන සුරාබදු නිවේදනය මඟින් ආනයනික විදේශීය මත්පැන්, දේශීයව නිෂ්පාදිත විදේශීය මත්පැන්, සහ දේශීය මත්පැන් සඳහා ආරක්ෂක සලකුණු යෙදීම 2021-01-03 දින සිට බලපැවැත්වෙන පරිදි අනිවාර්ය කර තිබෙනවා.













